වැඩසටහන් ආකෘතිය
ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා වඩන අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නෝ වෙමු. ඒ අනුව,
සම්මා දිට්ඨියේ පිහිටන අපි යෝනිසෝ මනසිකාරය දියුණු කරමු.
සීලයේ පිහිටන අපි ආජිවක අෂ්ඨමක සීලයත්, ඉන්පසු ඉන්ද්‍රය සංවර සීලයත් පුහුණු කරමු.
උත්සාහයෙන් සතර සම්‍යග් ප්‍රධාන වීර්ය වඩන අපි දස අකුසලයෙන් වෙන් වී දස කුසලයේ ශක්තිමත් වෙමු.
සිහිය සතිය දියුණු කරගන්නා අපි පංචනිවරණ ධර්ම වලින් වෙන් වී සප්ත බෝජ්ජංග වඩන්නෝවෙමු.
විදර්ශනා ඥාණය දියුණු කරගෙන අපි සම්මතයෙන් ඔබ්බට ගොස් සත්‍ය දකින්නෝ වෙමු.
මේ අනුව සංස්කාර ලෝකය වටහාගෙන එම සංස්කාර ලෝකයෙන් මිදෙන දිශාවට තෘෂ්ණාව ප්‍රහීන කරමින් ගමන් කරන්නෝ වෙමු.
නිතර නිතර අපි ප්‍රත්‍යවේක්ෂාවෙන් අපගේ කායකර්ම,වචීකර්ම,මනෝකර්ම දෙස බලා නිවැරදි වෙමු. නැවත නැවතත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අකුසල වැඩී ඇති අයුරු විමසමින් ශක්තිමත්ව එම මාර්ගයේ ගමන් කරමු.
ලෝකෝත්තර මාර්ගයෙන් පන්නරය ලබන අපි අපගේ පෞද්ගලික ලෞකික ජීවිත ශක්තිමත් කර ගනිමු.
ලෞකික ජීවිතයේ ඉලක්ක හා ප්‍රමුඛතා නිවැරදිව හඳුනා ගනිමු.
යුතුකම්,වගකීම් වලින් පලානොයන අපි පවුලට, රටට, සමාජයට යුතුකම් ඉටුකරන්නෝ වෙමු.
මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයෙන් ලෝකය දෙස බලා කටයුතු කරමු.
ඡන්දය, ද්වේශය,භය,මෝහයෙන් වෙන්වී දානය, ප්‍රියවචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය යන සතර සංග්‍රහවස්තු වලට අනුව ලෝකය සමඟ ගනුදෙනු කරමු.
සැමට නිවැරදිව උවමනාව හා හැකියාව ඇති බව දකිමින් කිසිවකුත් කොන් නොකොර නිවැරදි වීමට උපකාර කළ හැකිනම් උපකාර කරමු.
බෞද්ධ නායකත්ව ගුණ වගාකරමින් බෝධිසත්වයකු ලෙස ලෝකය සුවපත් කරමු.
තොරතුරු විශ්ලේෂණය කර නිගමනවලට බැසීම (කාලාම සූත්‍රය ඇසුරෙන්)
තමා තමා හඳුනාගැනීම
ඔබ කොතරම් භාග්‍යවන්තයෙක් ද?
මෙවන් පුද්ගලයකු වීමට ඔබත් කැමතිද?
ඕපනයිකෝ
පෙර විමසුම
සිංහල බෞද්ධ අනන්‍යතාව පැහැදිලි කරගැනීම
මෙලොව පරලොව සහිත පුළුල් දැක්ම
මූලික බෞද්ධ විස්වාසයන් 7
ශ්‍රද්ධා වීර්ය සති සමාධි ්‍රඥා
යුතුකම් වගකීම් අයිතිවාසිකම්
සතර සංග්‍රහ වස්තු
සතර අගතියෙන් වෙන්වීම
සීලය
සතර බ්‍රහ්ම විහරණය
මංගල කරුණු
සතර ඉර්ධිපාද හා යහපත් ලෞකික අරමුණු සකසා ගැනීම
නිවැරදි උපේක්ෂාව හා අටලෝ දහමෙහි කම්පා නොවීම
ජීවන චක්‍රය හා අභියෝග
ප්‍රමුඛතා හඳුනා ගැනීම තුළින් දියුනුවට හා සාර්ථකත්වයට නව අර්ථකථනයක්
බෞද්ධ නායකත්වය
ද්වේෂය වෛරය තරහව පාලනය කිරීම
ගැටලු කළමනාකරණය කර ගැනීම
සන්නිවේදනය හා සමාජ සබඳතාවයන්
මමත්වය මාන්නය හීනමානය දුරු කර යහපත් ආත්ම ශක්තියක් ඇති කර ගැනීම
අදික ආශාවන් පාලනය කර ගැනීම
වැරදි පුරුදු වලින් හා ඇබ්බැහිකම් වලින් මිදීම
අකුසල් විපාකවලින් මිදීම හා පෙර පින් මතුකර ගැනීම
අමනුෂ්‍ය බලපෑම්වලින් නිදහස් වීම
වැරදි කරන අයෙකුට නිවැරදි වීමට පිහිට වන්නේ කෙසේද?
නොයෙක් හේතු නිසා අසරණ වූවෙකුට පිහිට වන්නේ කෙසේද?
මානසික සහනය හා සතුට දියුණු කර ගන්නේ කෙසේද?
ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම
භාවනාව
සූත්‍ර විනය අභිධර්මය - ලෝකය අවබෝධ කර ගැනීම ද ලෝකයෙන් මිදීම ද?
පසු විපරම හා ක්‍රියාකාරකම්
විශේෂ ප්‍රශ්න කීපයක් අප වෙත යොමුවූ :
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීමේදී මෙම ප්‍රශ්න සියල්ල විසදෙනු ඇත. එහෙත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඥාන විශ්වාසය ඇති වීමටත් තවදුරටත් එම ධර්ම කරුණු විග්‍රහ කරගැනීමටත් සඳහා වෙන වෙනම එම ගැටළු කිහිපයට අදහස් දක්වමු.
ද්වේශය, තරහව, කේන්තිය පාලනය කරගන්නේ කෙසේ ද ?
මාන්නය, මමත්වය, පාලනය කරගන්නේ කෙසේ ද ?
හීනමානය දුරුකර යහපත් ආත්ම ශක්තියක් ඇතිකරගන්නේ කෙසේ ද ?
දූ දරු දෙමව්පිය ගැටුම් විසදා ගන්නේ කෙසේ ද ?
ස්වාමී භාර්යා ගැටුම් විසදා ගන්නේ කෙසේ ද ?
අකුසල් යටපත් කරගෙන පෙර පිං මතු කරගන්නේ කෙසේ ද ?
අමනුෂ්‍ය දෝෂ වලින් මිදෙන්නේ කෙසේ ද?
සම්මා දිට්ඨි
January 20, 2021
මෙය ධර්ම මාර්ගය නිවැරදිව හඳුන්වාදීමට ගත් උත්සාහයකි ඔබ බොහෝ ධර්ම කරුණු දන්නා වුවත් ඒවා ගොනු කරගෙන පැහැදිලි වැඩපිළිවෙලකට යෑමට පසුබට වෙමින් සිටි එම දුර්වලතාවය හඳුනාගෙන ඊට පිළියමක් ලෙස මූලික ධර්ම කරුණු සංවිධානාත්මකව ඉදිරිපත් කරමි.
අරමුණු
සත්තිස් බෝධිපාක්ෂික ධර්ම තමා තුළ ගොඩනගා ගැනීමේ පැහැදිලි වැඩපිළිවෙල හා එහිදී ගොඩනැගෙන අභියෝග ජයගැනීමේ උපදෙස්
ඔබ මෙතෙක් පැමිණි ධර්ම මාර්ගය හඳුනාගන එහිදී පැන නැගුන ගැටළු වලට පිළිතුරු ලබා ගැනීම ඔබට පැහැදිලි ගමන් මගක් නොමැති නම් ධර්ම මාර්ගය පැහැදිලි කර ගැනීම
සතර අපායෙන් මිදීම
සසර දුකින් මිදීම හෙවත් නැවත උපතින් මිදීම


සත්පුරුෂ ධර්ම
January 20, 2021
ප්‍රායෝගික බෞද්ධයෙකු වශයෙන් සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්න මැනවින් වටහා දෙනු ලබයි. ආර්ථිකය, සෞඛ්‍යය, සතුට හා අධ්‍යාත්මික සංවර්ධනය සමබරව දියුණු කරගත යුතුය. ඒ අනුව සියලු ගැටලු, බාධක මගහරවාගෙන, මෙලොව පරලොව දිනන පුද්ගලයෙකු වීමට අවශ්‍ය මූලික කරුණු ගොනුකර ඇත.
මූල්‍යමය හා ආර්ථික ගැටලුවලින් මිදීම.
ද්වේශය, තරහව, කේන්තිය පාලනය කර ගැනීම.
හීන මානය දුරු කර, යහපත් ආත්ම ශක්තියක් ඇතිකර ගැනීම.
පවුලේ සමගිය තහවුරු කර, ස්වාමි භාර්යා, දෙමාපිය දූදරු ගැටුම් විසඳා ගැනීම.
අකුසල් යටපත් කරගෙන පින් මතුකර ගැනීම.
අමනුෂ්‍ය දෝෂවලින් මිදීම.
වැරදි පුරුදුවලින් වෙන් වීම.
අසරණ වූ අයට නිවැරදිව පිහිට වීම.
මිත්යාවට එරෙහිව බෞද්ධයා හා බෞද්ධ කම රැක ගැනීම
January 20, 2021
සිංහල බෞද්ධයන්ට ඇති අභියෝග හඳුනාගෙන ස්ථිරසාර විසඳුම් ලබා ගැනීම
සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති ධර්ම දායාද සූත්‍රය මුණගැසෙන තෙක් මාත් සිතාගෙන සිටියේ සමහර පුද පූජාවන්, වන්දනාමාන කිරිම ධර්ම මාර්ගය වැඩීමට පහසුවක් කියා පසුව මට අවබෝධ වුණා මෙම මෝහ මූලික අකුසල කර්ම වන ආමිස පූජා ධර්ම මාර්ගය වැඩීමට පළිබෝධයක් වන බව. ඒ වාගේම ්‍රී ලංකාවේ බොහෝ දෙනා ආමිසය තුළ කොටුවී, හිත හදාගෙන , ඔවුන් නැවතත් සුගතිගාමී වේයැයි බලාපොරොත්තු වෙනවා. නොයෙකුත් facebook පෝස්ට් වලින් පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් ෙම මිථ්‍යා විශ්වාසයන් තහවුරු වන බවයි. අද බුදුරජාණන් වහන්සේ පමණක් නොව බක්කුල මහරහතන් වහන්සේ, යශෝධරා රහත් තෙරණිය වැන්නවුන් පවා මුල් කරගෙන ආමිස පූජා නිර්මාණය වෙලා..
මෙම අන්ධ විශ්වාසයන්ගෙන් ්‍රී ලාංකීය බෞද්ධයන් මුදවා ගැනීමට ඔබ අප චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටමින්. ද්ධා වීරිය සති සමාධි ප්‍රඥා දියුණු කරගනිමින්, සප්ත බොජ්ඣංග වඩා ගනිමින්, විදර්ශනාවට යොමු වි, ්‍රඥාව දියුණු කර ගනිමින්, සියලු ගැටලු වලට විසඳුම් සොයාගනිමු, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වඩමින්, ඡන්දය, ද්වේශය, බය, මෝහය, කියන්නාවූ සතර අගතියෙන් වෙන්වී, දානය, ්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය, තුළින් සියලුම සමාජ ගැටලු විසඳීමට යොමුවෙමු.
ධර්ම මාර්ගයට යොමු වෙමු, බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වන, ිත්‍යාව පැතිරීමට තෝතැන්නක් වන අමිසෙන් සම්පූර්ණයෙන් වෙන් වී එය වර්ජනය කරමු.
Buddhanussathi
Bodhaka

මජ්ඣිම නිකාය: ධම්ම දායාද සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනාථපිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරති. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි,’ කියා භික්ෂූන්ට කථා කළහ. ඒ භික්ෂූහු ‘ස්වාමීනි,’ කියා උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මේ සූත්රධර්මය දේශනා කළහ.
“මහණෙනි, මාගේ ධර්මය දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) වව්. ආමිසය (සිව්පසය) දායාදකොට ඇත්තෝ (පිළිගන්නෝ) නොවව්. කෙසේ නම් මාගේ ශ්රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය (සිව්පසය) දායාද කොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත. මහණෙනි, තොපත් මාගේ ආමිසය ගරුකොට පිළිගන්නෝ වන්නහුද? ධර්මය ගරුකොට නොපිළිගන්නෝ වන්නහුද, ‘ශාස්තෘ ශ්රාවකයෝ ආමිස ගරුකව වාසය කරති. ධර්ම ගරුකව වාසය නොකරති’යි තොපද ඒ කාරණයෙන් ගැරහිය යුත්තෝ වන්නාහුය. ‘ශාස්තෘ ශ්රාවකයෝ ආමිසය දායාදකොටගෙන ධර්මය දායාද කොට නොගෙන වාසය කරත්ය’යි මමත් ගැරහිය යුත්තෙක් වන්නෙමි. මහණෙනි, තොපිත් මාගේ ධර්මය දායාදකොට ඇත්තාහු ආමිසය දායාදකොට නැත්තාහු වන්නහු නම් ‘ශාස්තෘ ශ්රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තාහු වාසය කරත්, ආමිසය දායාදකොට නැත්තාහු වාසය කරත්ය’යි තෙපිත් ගැරහිය යුත්තෝ නොවන්නහුය. ‘ශාස්තෘ ශ්රාවකයෝ ධර්මය දායාදකොට වාසය කරති, ආමිසය ගරුකොට වාසය නොකරති’යි මමත් එයින් ගැරහිය යුත්තෙක් නොවන්නෙමි. මහණෙනි, එහෙයින් ධර්මය දායාදකොට ඇත්තෝ වව්, ආමිසය දායාදකොට ඇත්තෝ නොවව්. කෙසේ නම් මාගේ ශ්රාවකයෝ ධර්මය දායාදකොට ඇත්තෝ වන්නාහුද, ආමිසය දායාදකොට ඇත්තෝ නොවන්නාහුදැයි තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත......
“ඇවැත්නි, ඒ දුරුකළයුතු ධර්මයන් අතුරෙහි ලෝභයද ලාමකය, ද්වේෂයද ලාමකය, ලෝභය, නැතිකිරීම පිණිසද ද්වේෂය නැතිකිරීම පිණිසද නුවණැස ඇති කරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදීන් සංසිඳීම පිණිස පවත්නාවූ චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ, සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව ඇත. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් නිවැරදි දැකීමය, නිවැරදි කල්පනාවය, නිවැරදි වචනය, නිවැරදි ක්‍රියාවය, නිවැරදි ජීවිකාවය, නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය යන අටය. ඇවැත්නි, නුවණැස ඇතිකරන්නාවූ සත්‍ය දැනීම ඇතිකරන්නාවූ, රාගාදිය සංසිඳීම පිණිස පවත්නාවූ, චතුරාර්යසත්‍යය දැනීම පිණිස පවත්නාවූ සත්‍ය අවබෝධය පිණිස පවත්නාවූ නිර්වාණය පිණිස පවත්නාවූ මධ්‍යම ප්‍රතිපදාව මේය.
News
Media Buzz

බෞද්ධ විරෝධී කුමන්ත්රණ ප්රවේශම් වන්න
අවුරුදු සියයකට විතර පස්සේ බුද්ධ රූපය මවා ගත්තා අවුරුදු 2500 කට විතර පස්සේ යශෝධරා පිළිරුවක් මවා ගත්තා., බුද්ධ පූජාව ්‍රමාණවත් නොවූ ඔවුන් යසෝදරා පූජා බක්කුල පූජා වැනි පූජා පටන් ගත්තා, ර්ම දායාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ්‍රාවකයන්ට කියනවා, ආමිසයට දායාද වී බුදුරජාණන් වහන්සේ ගැරහීමට ලක් නොකරන සේ, එහෙත් ආමිසයට, එනම් පුද පූජා වන්දනා වන්ට ජනතාව කොටුකරන, ඔබ ුද්ධ පුත්‍රයෙක් ද? මාර පුත්‍රයෙක් ද? ඔබ මාර වසඟයට ගොස් ඇති නම් වහ වහා නිවැරදි වී ධර්ම මාර්ගයට පිවිසෙන්න? තුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුරුකොටගෙන අන් අයටත් එම පණිවිඩය දෙන්න
www.opanaika.com වෙත පිවිස ධර්ම මාර්ගය වඩා ගත හැකි පහසු වැඩපිළිවෙළක් වන සම්මා දිට්ඨි නම් වැඩපොත බාගතකරගන්න. එම මාර්ගය වඩා ගැනීමේ අපහසුතා ඇති වුනොත් අප සමග සම්බන්ධ වන්න.

ශ්රී ලංකාවේ සිටින මාර වන්දනාවේ යෙදෙන්නවුන්
සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති ධර්ම දායාද සූත්‍රය මුණගැසෙන තෙක් මාත් සිතාගෙන සිටියේ සමහර පුද පූජාවන්, වන්දනාමාන කිරිම ධර්ම මාර්ගය වැඩීමට පහසුවක් කියා පසුව මට අවබෝධ වුණා මෙම මෝහ මූලික අකුසල කර්ම වන ආමිස පූජා ධර්ම මාර්ගය වැඩීමට පළිබෝධයක් වන බව. ඒ වාගේම ්‍රී ලංකාවේ බොහෝ දෙනා ආමිසය තුළ කොටුවී, හිත හදාගෙන , ඔවුන් නැවතත් සුගතිගාමී වේයැයි බලාපොරොත්තු වෙනවා. නොයෙකුත් facebook පෝස්ට් වලින් පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ධර්මයේ නාමයෙන් ෙම මිථ්‍යා විශ්වාසයන් තහවුරු වන බවයි. අද බුදුරජාණන් වහන්සේ පමණක් නොව බක්කුල මහරහතන් වහන්සේ, යශෝධරා රහත් තෙරණිය වැන්නවුන් පවා මුල් කරගෙන ආමිස පූජා නිර්මාණය වෙලා..
මෙම අන්ධ විශ්වාසයන්ගෙන් ්‍රී ලාංකීය බෞද්ධයන් මුදවා ගැනීමට ඔබ අප චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටමින්. ද්ධා වීරිය සති සමාධි ප්‍රඥා දියුණු කරගනිමින්, සප්ත බොජ්ඣංග වඩා ගනිමින්, විදර්ශනාවට යොමු වි, ්‍රඥාව දියුණු කර ගනිමින්, සියලු ගැටලු වලට විසඳුම් සොයාගනිමු, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වඩමින්, ඡන්දය, ද්වේශය, බය, මෝහය, කියන්නාවූ සතර අගතියෙන් වෙන්වී, දානය, ්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය, තුළින් සියලුම සමාජ ගැටලු විසඳීමට යොමුවෙමු.
ධර්ම මාර්ගයට යොමු වෙමු, බුදුරජාණන් වහන්සේට අගෞරවයක් වන, ිත්‍යාව පැතිරීමට තෝතැන්නක් වන අමිසෙන් සම්පූර්ණයෙන් වෙන් වී එය වර්ජනය කරමු.

ඔබ ලේසියෙන් නිරයට යන හැටි
ආමිසයට, එනම් පුද පූජා වන්දනා වන්ට ජනතාව කොටුකරන, ඔබ ුද්ධ පුත්‍රයෙක් ද? මාර පුත්‍රයෙක් ද? ඔබ මාර වසඟයට ගොස් ඇති නම් වහ වහා නිවැරදි වී ධර්ම මාර්ගයට පිවිසෙන්න? තුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ගුරුකොටගෙන අන් අයටත් එම පණිවිඩය දෙන්න
මාර්ගය වඩා ගැනීමේ අපහසුතා ඇති වුනොත් අප සමග සම්බන්ධ වන්න.