පණිවිඩය
“ඒ භාග්‍යවත් වූ (රාග, ද්වේශ, මෝහ විනාශ කළ බැවින්) අරහත් වූ( රහසින් පව් නොකළ, තමාට තමා අවංක, වන්දනාවට ගෝචර වූ) උතුම් වූ බුදුන්වහන්සේ ගුණ අනුගමනය කිරීමට ඇති කරගන්නා ආධ්‍යාත්මික ගිවිසුමයි.ʺ
ධර්ම මාර්ගය පැහැදිළියි. එය මනාව දේශනා කරන ලද්දක්. උපරිම උත්සහය අවුරුද 7යි (මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව අපි බත් පත පිළිබද බිය නිසා අවුරුදු 13 ක් පාසලේ ඉන් පසු වැඩිදුර අධ්‍යාපනය සදහා විශ්ව විද්‍යාල ආදියේත් කෙතරම් වීර්යය වඩන්නේද ? කොතරම් නම් ධනයක් ආයෝජනය කරන්නේද ? එහෙත් ප්‍රධාන ප්‍රශ්නය වන සසර දුක දුරු කරගැනීම සදහා කොතරම් වූ අඩු ලංසුවක් ලබාදී ඇත්ද? කොතරම් නම් අවබෝධයක් වීර්යයක් වඩන්නේද ? ගත කරන කාල පිළිබදව සෑහීමකට පත් විය හැකිද?
කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණේ නම් සද්ධර්මය ශ්‍රවණය කර ධාරණය කර නුවණින් විමසමින් ප්‍රතිපදාවන් අනුගමනය කරමින් තමා තුළට පමුණුවා ගත්තේ නම් ප්‍රතිඵල ලබාගත හැකිය.
එහෙත් බහුතර ලෝකයා කෙලෙස් සහිත සසරක සසර පුරුදු සහිතව සංස්කාර ලෝකයේ අතරමංව සිහිමුළාව මේ සසර සැපයි ප්‍රණීතයි ලෙස ගනිමින් ආදීනව නොදකිමින් ගමන් කරයි.
සැබෑවටම සසර දුක අවබෝධ කරගත් සසරබිය දැනුණ පුද්ගලයා විර්යය වඩන්නේ කිසිවක් ලබාගැනීමට නොව සියලු තෘෂ්ණාවන් සිදීමටය. ඔහුට සසර බියට අමතරව වෙනත් මානසික අල්ලස් (දිව්‍ය සැප) අවශ්‍ය නැත.
කළ්‍යාණ මිත්‍රයා අපට පවසන්නේ මේ සසර බියයි. චතුරාර්ය සත්‍යයි. හිස ගිනි ගත්තෙකු ඒ ගිනි නිවන්න වෙහෙසන්නාක් මෙන් භව ගින්දර මැඩීමට වෙහෙසිය යුතු යැයි දිනකට කස පහර 300 ක් බැගින් අවුරුදු 300 ක් විඳ සෝවාන් ඵලය ලබාගතහැකි නම් එය ලබාගන්නා ලෙසයි. ඕනෑම දුකක් විද සසර දුක නැති කිරීමට කැපවන ලෙසයි. ඒ සසර දුක එම කස පහරවල්වලට වඩා දුක වැඩි නිසයි. සසරේ අප හෙළා ඇති කදුළු මහ සාගරයේ ජලයට වඩා වැඩියි' සසරේ අප හෙළා ඇති රුධිරය මහ සාගරයේ ජලයට වඩා වැඩියි.
සැබෑ බෞද්ධයා චතුරාර්ය සත්‍ය දනී. ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී. එහි ගමන් කරයි. නැවත නැවතත මා තුළ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩී ඇති අයුරු අවබෝධයෙන් මෙනෙහි කරමින් වීර්යය වඩයි.ඔවුන් සද්ධානුසාරී ධම්මානුසාරී ලෙස යම් අවබෝධයක් ලබාගනී. එහෙත් තවමත් සතර අපායෙන් මිදී නැත. තවදුරටත් වීර්යයවඩන ශ්‍රාවකයන් සෝවාන් ආදී මගඵල ලබමින් සතර අපාබියෙන් මිදෙයි. මෙම මගඵල ඔවුන්ට මානය ලබාගැනීමට ආභරණයක් නොවෙයි. තව තවත් හික්මීමට හේතුවකි.
ගිහි ජීවිතයෙන් මිදීමට තරම් ශක්තියක් නොමැති ශ්‍රාවකයන් සදහා බුදුරජාණන් වහන්සේ ගිහි ප්තිපදාවක් සදහා අ ධර්ම කරුණු දේශනා කර ඇත. අල්පේච්ඡ සරළ ජීවිතයක් ගත කරමින් යුතුකම් ඉටු කරමින් කුසල් වඩමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමයි.එම ගිහි ප්‍රතිපදාවේ දී මංගල සූත්‍රයට, පරාභව සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, සිගාලෝවාද සූත්‍රය ඔබට බෙහෙවින් උපකාර වනවා ඇත.
ධර්මය ධර්ම සාකච්ඡා,සිල් සමාදන්වීම්, වෘත සමාදන් වීම් ලෙස නොගන්න. ආශ්වාදය දෙන්නා වූ බුද්ධිමය වින්දනයක් ලෙස නොගන්න. අපගේ පරම ඉලක්කය විය යුත්තේ සසරින් මිදීමයි. ඒ සදහා වූ තෘෂ්ණාව සිදීමයි.
තමාට කරගන්නා පරම මෛත්‍රිය නම් සතර අපායෙන් මිදීමයි. (සෝවාන් ඵලය) අනෙකෙකුට කරන්නා වූ පරම මෛත්‍රිය නම් ධර්ම මාර්ගයේ ගමන් කර සතර අපායෙන් මිදීමට උපකාර කිරීමයි.
බුද්ධ ශාසනව වැරදි කළවුන්ට නිවැරදිවීමටයි. අසම්පූර්ණ වූවන්ට සම්පූර්ණවීමටයි. කිසිවකු කොන් කිරීමක් බුද්ධ ශාසනයේ නැත. තමා වැරදි කළ බව දැන ඒ බව වෙනස් කිරීමට සිතූ, මිනීමැරුම් 999 ක් කළ අංගුලිමාල මහරහතන්වහන්සේ අදත් පිදුම් ලබයි. අම්බපාලි නම් වූ ප්‍රධාන ගණිකාව රහත් උත්තමාවියක් බවට පත්වුණා. අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන්වහන්සේ සංසාරයේ තම දෙමව්පියන් ඝාතනය කළා. සංසාරයේ වරදවල් නොකළ අසරණ නොවූ කිසිවෙක් නැත. ඒ නිසා වැදගත් වන්නේ අතීතය නොව වැරදි නිවැරදි කරගෙන අනාගතය යහපත් කර ගැනීමයි.
ඔබ ප්‍රමුඛතා හදුනාගෙන දීර්ඝ කලීන විසදුම් කරා යන්නේ නම්, ධර්මය තුළ හික්මෙන තරමටම යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.
ඔබ වර්තමානයේ කුමන ගැටලු සහගත තත්වයක සිටිය ද ඒ සියල්ල විග්‍රහ කරගෙන විසදා ගැනීමට මෙම වැඩසටහන උදව් කරගන්න.
ඔබගේ ධර්මය පිළිබද සියලු ගැටලු සැක සංකා දුරු වී ජීවිතයට යහපත් ඉලක්ක හා ධාර්මිකව එම ඉලක්ක සපුරා ගන්නා අයුරු පිළිබද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම මෙම වැඩසටහනේ මූලික ම ප්‍රතිලාභයයි. එහෙත් එයටත් වඩා වැදගත් වන්නේ මෙම ඝෝර, කටුක, භයංකර සසරේ අතරමං නොවීමයි. කාලයත් සමග කලු වළාවකින් මෑත් වන පුන් සදක් සේ ඔබ බබළාවී.
"සතුටින් ජීවත්වන, මෙලොව හා පරලොව ජයගත්, ලෝකයට ආලෝකයක් වූ බෞද්ධයෙකු වන්න"
Irugal Bandaralage Bodhaka Wimalawansa Soorya
තීරණාත්මක පණිවිඩය
ඔබ බෞද්ධයෙකු නම් අසතුටින්, අසාර්ථකව ජීවත් වීමට නොහැකිය. එසේ නම් කොහේ හෝ වරදක් ඇත. ඔබ බෞද්ධ දර්ශනය වැරදියට වටහාගෙන ඇති බව හෝ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර නොමැති බව විය හැකිය. තෙරුවන් කෙරෙහි විශ්වාසය ඇති අප පවසන්නේ, “එන්න අප හා සමග එක්වන්න, සතුටින් ජීවත්වන, මෙලොව හා පරලොව ජයගත්, ලෝකයට ආලෝකයක් වූ අයෙක් වන්න. ජීවන ගැටලු හමුවේ හුදකලා නොවන්න. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලබමින්, දැනුම හා අනෙකුත් උපකාර ලබමින් ජීවිතය ජයගන්න.”
හොඳ නරක ධර්මය අධර්මය දන්නා
ධර්මයෙහි හැසිරෙන
පරාර්ථකාමී
සතුටින් ජීවත්වන
ජීවිතයේ ඉලක්ක නිවැරැදිව හඳුනාගත්
සසරේ අතරමං නොවන
මරණයට බිය නැති
මෛත්‍රියෙන් පිරුණාවූ